Press "Enter" to skip to content

නව රූපලාවන්‍ය ශිල්පීන් 1,200 ක් බිහිකරමින් ඩ්‍රීම්රොන් ආයතනය 17 වන උපාධි ප්‍රදානෝත්සවය පවත්වයි

ඩ්‍රීම්රොන් කලා සහ රූපලාවණ්‍ය විද්‍යාලය (Dreamron College of Art and Beauty) සිය 17 වන උපාධි ප්‍රදානෝත්සවය පසුගිය අගෝස්තු 10 වනදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) උත්ර්කෂවත් ලෙස පැවැත්වීය. එහිදී කේශ අලංකරණය සහ රූපලාවන්‍ය ක්ෂේත්‍රයන්ට අදාළව සිසුන් 1,200 කට වැඩි පිරිසක් සාර්‍ථකව පාඨමාලා අවසන් කරමින් සිය සහතික පත්‍ර ලබා ගත්හ.

මෙම උත්සවයේදී NVQ Level 4 මට්ටමේ කේශ අලංකරණ සහ රූපලාවන්‍ය පාඨමාලාව, කේශ අලංකරණ සහ රූපලාවන්‍ය ඩිප්ලෝමාව මෙන්ම NTT කොණ්ඩා කැපීමේ  පාඨමාලාව හැදෑරූ සිසුහු සහතික පත්‍ර ලබා ගත්හ.  ශ්‍රී ලංකාවේ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයන් ලෙස  තරුණ තරුණියන් සූදානම් කිරීමේ වෘත්තීය සහ තාක්ෂණික අධ්‍යාපනය ක්ෂේත්‍ර යේ වර්ධනය  මෙමගින් පිළිඹිබු වේ.

මෙම අවස්ථාවට අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ විද්වතුන් රැසක් සහභාගී වූහ. ඒ අතර විශේෂ අමුත්තෙකු ලෙස SLIIT හි ව්‍යාපාර අධ්‍යයන  පීඨයේ සහකාර පීඨාධිපති මහාචාර්‍ය්‍ය රේණුකා හේරත් මහත්මිය සහභාගී වූවාය. ඊට අමතරව ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපාරයේ සභාපති ආචාර්‍ය්‍ය ප්‍රියංක පෙරේරා, ඩ්‍රීම්රොන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා සහ ඩ්‍රීම්රොන් කලා හා රූපලාවන්‍ය විද්‍යාලයේ ප්‍රධානී නිශා පෙරේරා, කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්‍ය්‍ය  කිෂූ ගෝමස් යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික තාක්ෂණික අධ්‍යාපන ආයතනය සහ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ (TVEC) නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වසර 20 කට වැඩි කාලයක් පුරා ක්‍රියාත්මක වන ඩ්‍රීම්රොන් College of Art & Beauty  මේ වන විට දිවයින පුරා ශාඛා 10 කින් සමන්විත ජාලයක් හරහා සිසුන් 20,000 කට අධික සංඛ්‍යාවකට පුහුණුව ලබා දී ඇත. විධිමත් සුදුසුකම් මෙන්ම ප්‍රායෝගික කුසලතා ද ලබා දීම සඳහා පාඨමාලා සකස් කර ඇති අතර, මෙමගින් දේශීය හා විදේශීය වශයෙන් රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා රැසක් නිර්‍මාණය කර ඇත.

මෙම 17 වන උපාධි ප්‍රදානය හුදෙක් අධ්‍යයන වර්ෂයක් අවසන් කිරීමක් පමණක් නොව, නව වෘත්තීය ගමනක ආරම්භයක් සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ සිය කාර්‍ය්‍ය භාරය  ඉදිරියටත් කැපවීමෙන් සිදුකරන බව ඩ්‍රීම්රොන් ආයතනය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *